ඉන්දීය අගමැති සහ සෞදියේ කිරුළ හිමි කුමරු අතර හමුවක්

5

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුව සඳහා ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සෞදියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු හමුව තිබෙනවා.
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියට සම්බන්ධ බවට එල්ල වන චෝදනා හේතුවෙන් සල්මාන් කුමරු මෙම සමුළුවට සහභාගි වීම පිලිබඳව ද ඇතමුන් පළ කරන්නේ විරෝධයක්.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඉන්දියාව සහ සෞදි අරාබිය අතර, ආර්ථික, සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි සල්මාන් කුමරු සමඟ සාකච්ඡා කළ බවයි.

 

Your Comments