ඉන්දියාවේ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්

15

ඉන්දියාවේ, මුම්බායි නුවර පිහිටි ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මෙම පිරිපහදුවේ පිපිරිම් කිහිපයක් පළමුව සිදුව ඇති අතර පසුව එය ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ගින්න පාලනය කිරිම සඳහා කටයුතු යොදා ඇති අතර ගින්න සමග ප්‍රදේශය පුරා ඝන දුමාරයක් පැවති බවයි වාර්තා වන්නේ.

Your Comments