අයි.එස්. නායකයකු අමෙරිකා ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුට

20

ඇෆ්ගනිස්ථානයේ අයි එස් සංවිධාන නායකයෙකු ඇමෙරිකා හමුදා ගුවන් ප්‍රහාරයකින් මීට සති කිහිපයකට පෙර මිය ගිය බව ඇමෙරිකා හමුදා විසින් තහවුරු කර තිබෙනවා.
අගෝස්තු මස 25 වැනිදා නැගෙනහිර නගර්හර් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස් සංවිධාන නායක අබූ සයද් ඔරක්සායි මිය ගිය බවටයි ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
එම ප්‍රහාරයෙන් තවත් නායකයින් දස දෙනෙකු මිය ගිය බව ද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.
මේ අතර 2016 ජුලි මාසයේ සිට අබූ සයද් ඔරක්සායි මියගිය බවට වාර්තා පලවූ තුන්වැනි අවස්ථාව මෙයයි.

Your Comments