අමෙරිකානු මැතිවරණයට බලපෑම් එල්ල කළ ෆේස්බුක් පිටු සහ ගිණුම් 32ක් අවලංගු කෙරේ

8

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණයට බලපෑම් කරනු ඇති බවට සැක කෙරෙන ෆේස්බුක් පිටු සහ ෆේස්බුක් ගිණුම් 32ක් ඉවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දේශපාලන බලපෑමක් එල්ල වන අයුරින් ප්‍රචාරණයන් ගෙන ගිය ෆේස්බුක් පිටු සහ ගිණුම් එලෙස ඉවත් කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සටහනක් තබමින් ෆේස්බුක් සමාගම සඳහන් කරන්නේ මෙලෙස ප්‍රචාරණයන් සිදුකරන ගිණුම් සහ පිටු තම සමාගම අනුමත නොකරන බවයි.
පුද්ගලයින් දෙලක්ෂ 90 දහසකට වැඩි පිරිසක් මෙලෙස ඉවත් කළ ගිණුම් සමග සබඳතා පවත්වා ඇති බව සඳහන්.

Your Comments