Home විදෙස් පුවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නේටෝ නායකයින්ට චෝදනා

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නේටෝ නායකයින්ට චෝදනා

9

ආරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් මුදලක් වැය කර නොමැති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නේටෝ නායකයින්ට චෝදනා එල්ල කර තිබෙනවා.
එමෙන්ම යුරෝපා සංගමය ද ඒ සඳහා දායකත්වයක් ලබා දී නොමැති බවටයි හෙතෙම චෝදනා කරන්නේ.
බ්‍රසල්ස් නුවරදී නේටෝ නායකයින් හමුවීමට පෙර ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම චෝදනා එල්ල කර තිබීම විශේෂත්වයක්.
මේ අතර අමෙරිකානු ජනාධීපතිවරයා විසින් යුරෝපය, දිනපතා විවේචනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඞ් ටක්ස් ද ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.
හෙතෙම සඳහන් කරන්නේ අමෙරිකාව විසින් තම අසල්වැසි යුරෝපී රටවල් අගය කිරීමක් සිදු නොකළහොත් බොහෝ දෙනා ඔවුන් සමග නොසිටිනු ඇති බවයි .

Your Comments