LTTEයට මුදල් රැස් කළ 13 දෙනෙකුට සිරදඬුවම් ලබාදීම අධිකරණයක් ප්‍රතික්‍ෂේප කරයි

9

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කළ බව කියන 13 දෙනෙකුට සිරදඬුවම් ලබාදීමට ස්විට්සර්ලන්ත අධිකරණයක් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට අත්හිට වූ සිරදඬුවම් ලබාදීමට හෝ නිදහස් කිරීමට නියෝග කෙරෙනු ඇති.

අපරාධ සංවිධානයකට සහය දැක් වූ බවට එල්ල වන චෝදනාවලින් සියලු සැකකරුවන් නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

එම 13 දෙනාගෙන් 12 දෙනෙකුම දෙමළ සම්භවයක් ඇති ස්විට්සර්ලන්ත පුරවැසියන් වන අතර ඔවුන්ගෙන් බොහෝ පිරිසක් ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙක් පුද්ගලයා ජර්මානුවෙක්.

ඔවුන් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සාමාජිකයින් බවද පැවසෙයි.

ඔවුන් 1999 සිට 2009 මැයි දක්වා LTTE වෙනුවෙන් ඩොලර් මිලියන 15.3ක මුදල් එක්රැස් කළ බවටයි චොදනා එල්ල වී ඇත්තේ.

අධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ කර ඇත්තේ LTTEය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව අතර සම්බන්ධය ප්‍රමාණවත් ලෙස ඔප්පු කළ නොහැකි බවයි.

ඒ අතර LTTEය සාපරාධි සංවිධානයක් ලෙස සළකා බැලීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටද අධිකරණය ප්‍රකාශ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව කොටි සංවිධානයට මුදල් රැස් කළ 13 දෙනෙකුට සිරදඬුවම් ලබාදීම අධිකරණයක් ප්‍රතික්‍ෂේප කර ඇති නමුත්, 8 දෙනෙකු නිදහස් කර අනෙක් පස් දෙනාට සිර දඬුවම් ලබා දී ඇත්තේ ප්‍රෝඩාවකට සම්බන්ධ බව දක්වමින්.

දෙමළ ප්‍රජාවගෙන් සන්නද්ධ අරගලයක් සඳහා ස්විට්සර්ලන්තයේ දී විශාල වශයෙන් අරමුදල් රැස් කිරීමට ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) කටයුතු කරන බවට පැමිණිලි පාර්ශවය අධිකරණයට කරුණු පැහැදිලි කර තිබෙනවා.

මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ ස්විට්සර්ලන්තයේ දෙමළ පවුල්වලට තර්ජන එල්ල වූ බව ද අධිකරණයේ දී අනාවරණ වූ බව වාර්තා වූවා.

මේ අතර කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම සම්පූර්ණයෙන් මර්ධනය කර ඇති අවස්ථාවක විත්තිකරුවන්ට එරෙහිව එරෙහිව නඩු පැවරීම අභියෝගයට ලක් කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් පැමිණිල්ල ඉදිරිපත්ව ඇත්තේ සැකකරුවන් 1999 සිට 2009 මැයි දක්වා LTTE වෙනුවෙන් මුදල් රැස් කර ඇති බවටයි.

Your Comments