ඉන්දුනීසියා භූ කම්පනය හා සුනාමිය

44

ඉන්දුනීසියා භූ කම්පනයෙන් අනතුරුව හට ගත් සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 380කට වැඩි පිරිසක්  මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඒකක 7.5ක ප්‍රබලත්වයේ  භූ කම්පනය වෙරළබඩ ප්‍රදේශයක හටගත්තේ ඊයේ පස්වරුවේ.

කම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.

ප්‍රබල පසු කම්පන කිහිපයක් ද හටගත් බව ඉන්දුනීසියානු භූවිද්‍යා  නියෝජිත ආයතනය නිවේදනය කළා.

සුලවේසි දූපතේ පලු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ටික වේලාවකට පසු අඩි 6.6ක පමණ සිට අඩි 10 පමණ දක්වා උස මුහුදු රැළි ගොඩබිම ට කඩා වැදුණා.

අවට ප්‍රදේශයන් පුද්ගලයන් කලබල වී දිව යන ආකාරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා වූවා.

පසුගිය මාසය තුළ ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත්වල සිදුවූ භූකම්පන ගණනාවකින් සිය ගණනක් මිය ගියා.
විශාලතම භූකම්පනය වාර්තා වූයේ අගෝස්තු පස්වෙනි දින වන අතර, ඉන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 460ක්.

Your Comments