අවසන් පන්දුවෙන් ආසියානු කුසලානය ඉන්දියාවට

28

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී තියුණූ තරගයකින් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින්.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තා.

ලිටොන් දාස් ලකුණු 121යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

මෙය ඉන්දීය කණ්ඩායම ආසියානු ශූරතාවය දිනා ගත් 7 වැනි අවස්ථාවවීම විශේෂත්වයක්.

Your Comments