Home සේයා රූ 96 වන ජාත්‍යන්තර සමුපකාර දින ජාතික උත්සවය

96 වන ජාත්‍යන්තර සමුපකාර දින ජාතික උත්සවය

13

සමුපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

96 වන ජාත්‍යන්තර සමුපකාර දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 07දා පස්වරුවේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ දී පැවත්වුණා.

ඒ වෙනුවෙන් සකස් කරන ලද සමරු කලාපය සහ සමුපකාර ව්‍යාපාරය පිළිබද රචනා කරන ලද පොත් පිංච මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.

ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් අන්තර් සමුපකාර සංගම් අතර පැවති තරගවල ජයග්‍රාහකයින්ට සම්මාන සහ තිළිණ ද ප්‍රදානය කෙරුණේ ද ජනපති අතින්.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ පීරිස් යන මහත්වරුන් සහ සමුපකාර ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share this Article!

Your Comments