2019 ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති නිල නිවසට

32

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ගෙන රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙනවා.
කුසලානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති නිල නිවසේදී 21 පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්  ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපතිවරයා  වෙත පිළිගැන්වූවා.

මෙම අවස්ථාවට ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සියලූ දෙනා සහ 1996 ලෝක කුසලානය වෙනුවෙන් තරඟ කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම සහ රොමේෂ් කලූවිතාරණ ඇතුළු ක්‍රිඩකයන් ද එක්ව සිටියා.

මෙම අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

2019 ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති නිල නිවසට

2019 ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති නිල නිවසට

Posted by News24 on Sunday, September 23, 2018

Your Comments