දියණියක සහ පියෙකු ගිරිතලේ වැවේ ගිලෙයි
(පොළොන්නරුවේ - රොෂාන් තුෂාර තෙන්නකෝන්)

56

පිරිසක් සමග ගිරිතලේ වැවේ දියනෑමට ගොස් සිටි පියෙකු සහ දියණියක දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා.
දහවල් 12.45 ට පමණ සිදු වූ අනතුරෙන් අතුරුදන්ව ඇත්තේ මිනුවන්ගොඩ  ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ සිටි දෙදෙනෙක්.

පොළොන්නරුවේ චාරිකාවක පැමිණ නැවත නිවෙස්
කරා යමින් සිටින අතරතුරදී පිරිස ගිරිතලේ ජලාශයේ දිය නෑමට ගොස් තිබෙනවා.

45 හැවිරිදි පියා, ජනාධිපති ආරක්ෂක අංශයේ බව පැවසෙන නෙරංජන් වික්‍රමරත්න බවත්, දියණිය වන 14 හැවරිදි සෙවුමිනි නිශාන්ති වික්‍රමරත්න බවත් සඳහන්.

ප්‍රදේශයේ ධීවරයන් හා පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායම් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් සිදු කරයි.

Your Comments