ශ්‍රී ලංකා T20 ශූරයින්ට මිලියන 2ක්

23

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් නම් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල කණ්ඩායම රෝයී ඩයස්, කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ගුණවර්ධන මෙහයවනු ලබයි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් පියල් විජේතුංග සහ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සුමිත්‍ර වර්ණකුලසූරිය ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පත්කර තිබෙනවා.

විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලබන 21 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුනා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන මුදල් පිළිබඳව ද දැනුවත් කෙරුණ අතර ඒ අනුව මෙම තරඟාවලියේ ශූරයන්ට රුපියල් මිලියන දෙකක මුදලක් පිරිනැමෙනු ඇති.

එම තරඟාවලියේ අනු ශූරයන්ට රුපියල් මිලියන 1.5ක මුදලක් පිරිනැමීමටයි නියමිතව ඇත්තේ.

Your Comments