සූර්යයා බලා යාමට විනාඩි 4ක් තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කරයි

44

සූර්යයා ආසන්නයට යානාවක් යැවීමේ නාසා සැළසුම අවසන් මොහොතේ අවලංගු කර තිබෙනවා.

යානය සූර්යයා බලා යාමට විනාඩි 4ක් ඉතිරිව තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කරයි
ඒ, පාකර් සෝලා ප්‍රොබ් ලෙස නම් කළ යානාව ගුවන් ගත කිරීමට විනාඩි 4ක් ඉතිරිව තිබියදී හදිසි අනතුරු ඇඟවීමේ නලාව නාදවීම හේතුවෙන්.
ඒ අනුව ඊයේ පස්වරු 5ට පමණ යෙදී තිබුණු යානාව ගුවන් ගත කිරීමේ කටයුතු වහා අවලංගු කිරීමට නාසා විද්‍යාඥයින් පියවර ගත්තා.
අනතුරු ඇඟවීම් නලාව නාදවීමට නිශ්චිත හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
කෙසේ වෙතත් සූර්යයාට ආසන්නයට යාමේ උත්සාහය අත් නොහළ බව සඳහන් කරමින් නාසා ආයතනය නිවේදනය කළේ ඓතිහාසික අවස්ථාව දිනකින් ප්‍රමාද කර යළි ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව එරට වේලාවෙන් අද පෙරවරුවේ පාකර් සෝලා ප්‍රොබ්, සූර්යයා වෙත යැවිමේ දෙවන උත්සාහය ක්‍රියාත්මක කරනු ඇති.
මෙම යානය නිපදවීමට අමෙරිකානු ඩොලර් බිලියන 6. 5ක පමණ මුදලක් වැය වී තිබෙනවා.
යානය 2024 වසරේදී සූර්යයාට ලංවනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කළේ.

Your Comments