දුම්රිය වර්ජනය දිග්ගැස්සෙයි – කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කරයි

25

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගමිමින් ආරම්භ කළ වර්ජනයට කිසිදු සාකච්ඡාවක් හෝ නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් සිව් වන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ ධාවනයට එක් කරනු ලැබූ දුම්රිය කිසිවක් අද සිට ධාවනයට එක් නොකිරීමට තීරණය කළ බවයි.

සති අන්තයේ ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට දුම්රිය වර්ජනය නිසා මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා මගහැරීම සඳහා දුර ගමන් වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

Your Comments