බස් රථයක් වැවකට පෙරළෙයි – අයෙක් මරුට – සිව් දෙනෙකුට තුවාල
(ඡායාරූප අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර සහ Facebook )

21

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අලුයම නෝනගම වැවට පෙරළී තිබෙනවා.
අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කෙරුණා.
මියගිය පුද්ගලයා කතරගම නව නගරයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙක්.
රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරළී තිබෙනවා.

Your Comments