Home දේශීය පුවත් වැඩ වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවෙයි – දුප්පත් ජනතාවටයි

වැඩ වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවෙයි – දුප්පත් ජනතාවටයි

10
වැඩ වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවෙයි - දුප්පත් ජනතාවටයි

වැඩ වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවෙයි - දුප්පත් ජනතාවටයි

Posted by News24 on Thursday, August 9, 2018

තම වරප‍්‍රසාද පිළිබඳ සේම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ද වැඩ වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට අද (09) පෙරවරුවේ එක් වෙමින්.

පොදු මගී ප‍්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව රටේ අහිංසක දුප්පත් ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊයේ සිදුකළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස් බලා යමින් සිටි දරුවන් ඇතුළු ජනතාවට විඳීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය ද ඉතා කණගාටුවෙන් සිහිපත් කළා.

ගැටලූ විසඳා ගැනීමට ඕනෑම අයෙකුට, ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පසුගිය රජය මෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වත්මන් රජය කිසිදු අවස්ථාවක තුවක්කු භාවිතා නොකළ බව ද සඳහන් කරයි.

එබැවින් රටේ අහිංසක පොදු මහජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව සහ මානුෂීයව සිය ගැටලූ විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දුම්රිය, වෛද්‍ය ඇතුළු වැඩවර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේය.

Your Comments