හිටපු ජනපතිනියට ජගත් මහ කොමසාරිස් ධූරයක්

32

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් ධූරය සඳහා චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැචලට් (Michelle Bachelet) ගේ නම යෝජනා වී තිබෙනවා.
ජගත් සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ට් (António Guterres) විසින් මෙම නම් කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
නව කොමසාරිස්වරයෙකුගේ නම යෝජනා වී ඇත්තේ වත්මන් මහ කොමසාරිස් ලෙස කටයුතු කරන සෙයිද් රාද් අල්හුසේන්ගේ ධූර කාලය මේ මස 30 වනදා අවසන් වීම හේතුවෙන්.

Your Comments