දුම්රිය වැඩ වර්ජනය අත්තනෝමතික ක්‍රියාවක් – ප්‍රවාහන ඇමති කියයි

24

දැනුම් දීමකින් තොරව ඊයේ (08) පස්වරුවේ ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අමාත්‍යවරයා ලෙස හෙලා දකින බවත් මෙය සෝචනීය කරුණක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරනවා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනිමේ අයිතිය ඕනෑම අයෙකුට තිබෙන බවත් එම ක්‍රියාමාර්ග ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ක්‍රියා කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙනවා.

වෘත්තීය ඉල්ලීම් කිසිසේත් අමාත්‍ය මණ්ඩලටය විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් එම ඉල්ලීම් නියමාකාරයෙන් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ක්‍රියාකරන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් අසාධාරණ ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු නොවන ලෙසත් අමාත්‍යවරයා සියළුම වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සලකා බලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවතා සාකච්ඡා මට්ටමෙන් ප්‍රශ්ණ විසඳා ගැනීමට සහය දක්වන ලෙසටද අමත්‍යවරයා ඉල්ලා සිටිනවා.

මේ අතර ජනතාවගේ ගමනාගමන අපහසුතා මගහැරවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 2000ක් පමණ යොදවා ඇති අතර අද සවස් වන විට ප්‍රධාන දුම්රිය මාර්ගවල මගී දුම්රිය 08ක් සහ ගුවන්තොටුපොලට තෙල් සැපයීමට ඉන්ධන ගැල් සහිත දුම්රියක් යෙදවීමටත් කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Your Comments