ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම සංගක්කාරත් ප්‍රතික්ෂේප කරයි

10

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන ලෙසට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමු කරමින්.
තමා මාස 6ක කාලයක් එවැනි උපදේශක කමිටුවක සේවය කළ නමුත් තමන් ලබා දුන් කිසිදු නිර්දේශයක් ක්‍රියාවට නැංවීමට බළධාරීන් කටයුතු නොකළ බවයි කුමාර් සංගක්කාර යොමු කළ ලිපියේ සදහන් වන්නේ.
උපදේශකවරුන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළ ඉල්ලීම මීට පෙර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් ද ප්‍රතික්ෂේප කළා.

Your Comments