Home විදෙස් පුවත් හිටපු ජනපති මැතිවරණ සටනට

හිටපු ජනපති මැතිවරණ සටනට

12

දොළොස් වසරක් සිර දඬුවම් නියම වී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අල්ලස් හා දූෂණ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන් ඔහුට මෙම සිර දඬුවම නියම වුණා.

ලූලාද සිල්වා බ්‍රසීල කම්කරු පක්‍ෂය නියෝජනය කරන අතර, ඔහු මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ පක්‍ෂයේ මහා සමුළුව රැස්වීමෙන් අනතුරුවයි.

මහ සමුළුවේදී සාමාජිකයන් 2000 ක පිරිසක් ඒකමතිකව එම තීරණය ගෙන තිබෙනවා.

බ්‍රසීලයේ ජනාධිපතිවරණය ඔක්තෝබර් 7 වන දා පැවැත්වීමට නියමිතයි.

Your Comments