ඉන්දුනීසියා භූ කම්පනයෙන් 82කු මරුට – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

15

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ට බලපෑ ඒකක 7ක පරිමාණයේ භූ කම්පනයෙන් පුද්ගලයන් 82කු මියගොස් තිබෙනවා.
තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දූපත් කිහිපයකට කම්පනයේ බලපෑම එල්ල වී ඇති බවටයි සඳහන් වන්නේ.

භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණත් එය පසුව ඉවත් කර ගැනුණා.

පසුගිය සතියේ ද ලොම්බොක් දිවයිනේ සිදුවූ ඒකක 6.4ක භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දුනීසියා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

Your Comments