Home විදෙස් පුවත් අයිෆල් කුළුණේ ආරක්ෂාවට වීදුරු වැටක්

අයිෆල් කුළුණේ ආරක්ෂාවට වීදුරු වැටක්

5

ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ වටා ඉහළ ප්‍රමිතියේ ආරක්ෂිත වැටක් ඉදිකිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

ඒ, ත්‍රස්ත තර්ජන එල්ලවීම හේතුවෙන්.

2016 වසරේ ජුනි මස දී කුළුණ වටා තාවකාලික ආරක්ෂක වැටක් යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එහි අනාරක්ෂිත බව හේතුවෙන් නව ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කර ඇති අතර ජූලි මස මැද භාගය වනවිට එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 41.1ක්.
අයිෆල් කුළුණේ එක පසෙක විනිවිද පෙනෙන වීදිරු වැටක් ද අනෙක් පස යකඩ වැටක් ද ඉදි කෙරෙනවා.
වීදුරුවේ ඝනකම සෙන්ටිමීටර 6.5ක්
අනෙක් පස යකඩ වැටේ උස අඩි 10.6ක්.

අයිෆල් කුළුණ ඉදි කිරීම ආරම්භ කළේ 1887 ජනවාරි 28වනදා.
එහි කටයුතු 1889 මාර්තු 15 අවසන් කෙරුණා.
අයිෆල් කුළුණ විවර කෙරුණේ 1889 මාර්තු 31 වෙනිදා.
එහි උස අඩි 1063ක්.(මීටර 324ක්)
ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අයිෆල් කුළුණ නිර්මාණය කෙරුණා.
1789 දී ඇතිවුණු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයේම අවධානය ලබාගත් හා ලෝක දේශපාලන සංකල්ප හා චින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ සන්ධිස්තානයක්.

ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් 1889 දී ප්‍රංශය “World’s Fair” නම් ප්‍රදර්ශනයක් සංවිධානය කළා.
ප්‍රදර්ශනයට සමගාමීව ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමටයි ප්‍රංශ රජයට අවශ්‍ය වූයේ.
ප්‍රදර්ශනයට ඇතුල් වීමේ දොරටුව ලෙසයි කුළුණ යොදා ගැනීමට තීරණය වන්නේ.
රජය විසින් කුළුණු සැලසුම් අවශ්‍යබව නිවේදනය කළ පසු, එරට ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් සියල්ලන්ගෙන්ම පාහේ සැලසුම් 100කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
අවසානයේ ඇලෙක්සැන්ඩර් ජි. අයිෆල් නම් ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියාගේ සැළසුම ක්‍රියාවට නැංවුණා.
මෙහි දළ සැකසුම නිර්මාණය කිරීමට එවකට ඔහුට අයත්ව තිබු සමාගමේ ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ගේ සහය ලැබුණා.

අයිෆල් කුළුණ 1889 සිට 1930 දක්වාම ලොව උසම කුළුණ ලෙසයි නැගිට සිටියේ.

පැරීසියේ චෑම්ප් ද මාස්‌ (Champ de Mars) නගරයෙහි ප්‍රධාන මාර්ගය හරහා සද්ධන්ත පාද හතරක්‌ ඔස්‌සේ ඉහළට නැගෙන අයිෆල් කුළුණ පැරිස්‌ නගරයේ සදාතනික සංකේතයක්.

Share this Article!

Your Comments