2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කිරීමට අවශ්‍ය පදනම සහ සැලසුම සකසා අවසන්

13

2050 වසර වනවිට ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරලීම සඳහා අවශ්‍ය පදනම සහ සැලැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිංගප්පුරුවේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා – සිංගප්පුරු ව්‍යාපාරික හමුව සංවිධානය කර තිබු ප්‍රශ්නෝත්තර වාරයකට එක්වෙමින්.
මෙරට භූගෝලීය පිහිටීමේ වැදගත්කම මත ආර්ථික, මුල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද එහිදී පැනයක් යොමු වුණා.
ඊට පිලිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ඉදිවන මුල්‍ය නගරයට අදාළව නව නීති කිහිපයක් හදුන්වාදීමට කටයුතු කරන බවයි.
එහි එක් පියවරක් ලෙස මුල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා අතර ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස 02 ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Your Comments