2010 සිට මේ දක්වා දෙලක්ෂයකට අධික පිරිසක් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වෙයි

11

පසුගිය දින කිහිපයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 17, 303 කට අයත් පුද්ගලයින් 69, 583 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ආපදා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ දේපල හානි වූවන්ට ඒවා නැවත ගොඩනගා ගැනීම සඳහා රුපියල් දස දහසක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර 2010 වසරේ සිට මේ දක්වා කේරළ ගංජා කිලෝ 4, 400ට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ 2010 වසරේ සිට මේ දක්වා කේරළ ගංජා, හෙරොයින් සහ කොකේන් යන මත් ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙලක්ෂ දෙදහක් හත්සිය හැත්තෑ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Your Comments