‘ගැසටයේ’ අතුරු තහනම යළි දීර්ඝ කරයි

151

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම  වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම ලබන 10 වනදා දක්වා  යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව විසුරවාහැරීමට එරෙහිව පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද අඛණ්ඩව සිව් වන දිනටත් යළි විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසිනුයි පෙත්සම් විභාගයට ගෙන ඇත්තේ.
 එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින්  ලබන 07 වන දින දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Your Comments