‘ජනපතිගේ ගැසටයේ’ අතුරු තහනම දීර්ඝ කරයි

96

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් හෙට දින දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තෙවන දිනටත් අද විභාග කිරීමෙන් අනතුරුවයි.

අගවිනිසුරු ප්‍රමුඛ  විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් හෙට දිනයේදී යළි විභාග කරනු ඇති.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින්  ලබන 07 වන දින දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2018 නොවැම්බර් 09 දිනැති නිකුත් කළ  අංක 2097/70 ගැසට් නිවේදනය පහතින් …

 

Your Comments