46 වැනි අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

12

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දුන්නා.

ඒ  අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහායි  නලින් පෙරේරා මහතා පත් කරනු ලැබුවේ.

මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

නලින් පෙරේරා මහතා මෙරට 46වන නව අගවිනිසුරුවරයායි.

 

Your Comments