ආසියානු කුසලානයේ උණුසුමට යොවුන් එක්දින කුසලානයත් ඉන්දියාවට

16

2018 ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ බංග්ලාදේශයේ ඩකා හී පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු  144කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුලු 3ක් දැවි ලකුණු 304ක් ලබා ගත්තා.

වයි. වයිස්වාල් ලකුණු 85යි.

පන්දු යැවීමේ දී කලන පෙරේරා, කල්හාර සේනාරත්න සහ දුලිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් බිඳ දැමුවා..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 38 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු  141ක් පමණයි.

මෙවර ආසියානු කුසලාන එක්  දින ක්‍රිකට් තරගාවලියේ  ශුරතාව හිමි කර ගත්තේද ඉන්දියාවයි.

Your Comments