හිමාලයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමේ අවධානමක්

14

රික්ටර් මාපාංක 8යි දශම 5ක හෝ ඊට වැඩි අගයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් හිමාල අඩවිය කේන්ද්‍ර කර ගනිමින් සිදුවිය හැකි බවට නව අධ්‍යයනයකින් අණාවරණය කර තිබෙනවා.
ඉන්දු – නේපාල දේශසීමාව කේන්ද්‍ර කකර ගනිමින් මෙම භූ කම්පනය සිදු විය හැකි බවටයි මත පල කර ඇත්තේ.
චන්ද්‍රිකා දත්ත සහ භූ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉන්දීය පර්යේෂකයන්  පිරිසක් මෙම අනතුරු ඇගවීම සිදුකර තිබෙනවා.
2015 වසරේ දී මෙම ප්‍රදේශයේ සිදු වූ රික්ටර් පරිමාණයේ 7යි දශම 8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 9000ක් පමණ මිය ගියා.

 

Your Comments