හිටපු ඇමැති බැසිල්ට විදෙස්ගත වීමට අවසර

14

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දා දක්වා වන කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවසර ලබා දී ඇති බව සඳහන්.

දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළ බවයි NEWS24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.

Your Comments