UPDATE : හිටපු ආරක්ෂක ලේකම් CIDයෙන් පිටව යයි

37

ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද දහවල් එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
පැය තුනහමාරක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍යවේදී කීත්නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බව සඳහන්.


ගෝඨාභය සී අයි ඩි යට පැමිණෙයි [Sep 12, 2018 @ 12:32]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දීමක් කර තිබුණා.
කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපතිවරයාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.

Your Comments