හබරාදුවේ රිය අනතුරකින් 23 දෙනෙකුට තුවාල

16

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදූව, හැදිවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොග්ගල ආයෝජන කලාපයට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක්.
රියදුරුවරයාට බස්රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හබරාදූව සහ කරාපිටිය රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

Your Comments