Home විදෙස් පුවත් සූර්යාගේ සමීපයට නාසා ආයතනයෙන් නව යානයක්

සූර්යාගේ සමීපයට නාසා ආයතනයෙන් නව යානයක්

13

සූර්යාගේ සමීපයට අභ්‍යාවකාශ යානාවක් නුදුරේදීම යැවීමට සුදානම් බව නසා ආයතනය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම යානාව වෙනත් කිසිදු යානාවක් ගමන් නොකළ තරම් සූර්යා ආසන්නයට ගමන් කරවීම නාසා ආයතනයේ අපේක්ෂාව බවයි.
එම යානය කුඩා මෝටර් රථයක් පමණ වන බවයි වාර්තා වන්නේ.
එය නම්කර ඇත්තේ ‘ද පාර්කර් සෝලා ෆ්‍රොබ්’ ලෙයසි.
එම යානය ලබන 11 වනදා අමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී කක්ෂ ගත කරන බව සඳහන්.
මෙම යානය නිපදවීමට අමෙරිකානු ඩොලර් බිලියන 6. 5ක පමණ මුදලක් වැය වී තිබෙනවා.

Your Comments