සුදන්දිරපුරම් ළිඳක බෝම්බ තොගයක්
(වවුනියාව - මාධව කුලසූරිය)

25

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි බෝම්බ රැසක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පසුගිය 18 වැනිදා සිට ළිඳ තුළ පරීක්ෂා කිරීම් සිදුකළ කළ අතර, ඒ අනුව විශාල ප්‍රමාණයේ කාලතුවක්කු වෙනුවෙන් භාවිතා කළ උණ්ඩ කිහිපයක්ද සොයා ගෙන තිබෙනවා.
මේවා එල්.ටී.ටි සංවිධානය විසින් නිෂ්පාදනය කළ ඒවා බවටයි පැවසෙන්නේ.

නාවික හමුදාවට ලද තොරතුරක් මත ළිඳ පරීක්ෂා කෙරුණු අතර බෝම්බ නිශ්ක්‍රීය අංශය අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ළිදෙන් ගොඩගෙන තිබුණා.

පොලිසිය පැවසූවේ මුලතිව් ‍මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ළිඳ පරීක්ෂා කළ බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ පීඩන බෝම්බ මෙන්ම අත්බෝම්බ තොගයක් ද සොයා ගෙන ඇති අතර එම ස්ථානය ත්‍රස්‌වාදීන්ගේ පුහුණු කඳවුරක් විය හැකි බවටයි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

Your Comments