සිසු විරෝධතාවයක් විසුරුවන්න පොලිසියෙන් ජල සහ කදුලු ගෑස්

17

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කොළඹ ලෝටස් වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

සිසුන් විරෝධතා පාගමනේ නිරතවන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

ඔවුන් පුංචි බොරැල්ලෙන් පාගමන ආරම්භ කළ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණෙමින් සිටියදී ජල සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල වුණා.

Your Comments