සිද්දික් ඇතුළු පහක් නිදොස් කොට නිදහස් කරයි

66

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 8.1ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ 2003 වර්ෂයේදී මහරගම ප්‍රදේශයේදී මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා කියා සිටියෙ වැටලීම සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා සහ සෙසු නිලධාරීන් අධිකරණය හමුවේ දුන් සාක්ෂි පරස්පර බවයි. එම නිසා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලල අසමත්වීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ.

 

Your Comments