ස්පයිඩර් මෑන් සම නිර්මාතෘ මියයයි

28

ස්පයිඩර් මෑන් චරිතය නිර්මාණය කිරීමට දායකත්වය ලාබදුන් එහි සම නිර්මාතෘවරයෙකු වන ස්ටීව් ඩිට්කෝ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී මියගොස් තිබෙනවා.

මහල් නිවාස සංකිර්ණයක් තිබී පසුගිය 29 වන දා දේහය සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 90 වන වියේ පසුවුණා.

1962 වසරේ දී ස්පයිඩර් මෑන් යන චරිතය නිර්මාණය කරනු ලැබුවේ ස්ටැන් ලී (Stan Lee) සහ ස්ටීව් ඩිට්කෝ (Steve Ditko) දෙදෙනා එකතුවෙන්.

Your Comments