ස්ථානීය දඩ ජංගම දුරකථනයෙන් හෝ ක්‍රෙඩිට් කාඞ් පතින් ගෙවීමේ පහසුකම් තවත් මාස කිහිපයකින්

18

මාර්ග වැරදි සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම තවත් මාස කිහිපයක් ඇතුළත හඳුන්වා දෙන බව පොලිසිය පවසනවා.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊට අදාළ නීති දැනටමත් සකස් කර අවසන් බවයි.
ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකමක් හඳුන්වාදෙන බව පොලිසිය මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ අදාළ වැඩ පිළිවෙල විධිමත් ක්‍රමවේදයක් යටතේ සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසු වන බවයි.
මාර්ග වැරදි හඳුනාගැනීම සඳහා සීසීටීවී කැමරා යොදා ගැනීම තවදුරටත් පුළුල් කිරීමට ද සැලසුම් සකස් කර ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Your Comments