ස්ටීව් ස්මිත්ට CPL ඉදිරි තරග අහිමි වෙයි

13

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබෙනවා.
ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මේ වන විට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සදහා යළි සිය රට බලා ගොස් ඇති බව ද සදහන්.
ශකිබ් අල් හසන් වෙනුවට මෙවර සී.පී.එල් තරගාවලිය සඳහා ගිවිසුම් ගත වූ ස්ටීව් ස්මිත් එහිදී බාබඩෝස් ට්‍රිඩෙන්ට්ස් කණ්ඩායම නියෝජනය කළා.
පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හේතුවෙන් ස්ටීව් ස්මිත් මේ වන විට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටිනවා.

Your Comments