Home ක්‍රීඩා පුවත් සංගක්කාරගේ සහ මහේලගේ වාර්තාවක් එංගලන්තය බිඳහෙලයි

සංගක්කාරගේ සහ මහේලගේ වාර්තාවක් එංගලන්තය බිඳහෙලයි

26

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට එකක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර ලීඞ්ස් හී දී පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගත්තා.
විරාට් කෝලි ලකුණු 71යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 33ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.
ඉනිමේ 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 186ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගීමට ඉයන් මෝර්ගන් සහ ජෝ රූට් සමත් වුණා.
ජෝ රූට් සිය 13 වන ශතකය ද සමගින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව සියයක්.
ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු මෙම නොබිදුණු සබදතාවය ලීඞ්ස් ක්‍රීඩාංගනයේ දී 3 වන කඩුල්ල සදහා එක්දින තරගයක වාර්තා වූ හොදම ලකුණු සබදතාවයයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 159ක සබදතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයි.
මේ අතර මෙම තරගාවලි පරාජය වාර්තා අතරට එක්වන්නේ විරාට් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ ලැබූ පළමු ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලි පරාජය ලෙසයි.

Your Comments