ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්

7

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ මහ සභා රැස්වීම අද (22) කොළඹදී පැවැත්වුණා.

එහිදී එම සංගමයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගත් අතර නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරනු ලැබුවා.

එම සංගමයේ සභාපති ධූරය සඳහා අසංග ජයසූරිය මහතා පත් කළ අතර උප සභාපති ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත් කෙරුණා.

ලේකම් ධූරය සඳහා ලක්සිරි වික්‍රමගේ මහතාත්, උප ලේකම් ධූරය සඳහා සිද්ධික් ෆාරුක් මහතාත් පත් කර ගත් අතර භාණ්ඩාගාරික ලෙස ශනිල් මෙන්ඩිස් මහතා පත් කර ගනු ලැබුවා.

මෙම සංගමය මගින් මාධ්‍ය ආයතන වල වෘත්තියභාවය වැඩි දියුණු කර ගැනීමට විද්‍යුත් විකාශන ඉහළට ගෙන යාම අරමුණ වී ඇති බව සභාපතිවරයා ලෙස පත්වූ අසංග ජයසූරිය මහතා එහිදී කියා සිටියා.

එමෙන්ම රට තුළ ඇතිවන ජාතික අවශ්‍යතාවලදී සියලු මාධ්‍ය එකට එක්වී කටයුතු කිරීමට ද මෙමගින් හැකිවනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

විද්‍යුත් විකාශකයන්ගේ නව ව්‍යවස්ථාව අද සභාවට ඉදිරිපත් කෙරුණ අතර එය ස්ථිර කරනු ලැබුවේ අප ස්කයි මාධ්‍ය ජාලයේ ගරු සභාපති නිරංග හෙට්ටිආරච්චි මහතායි.

Your Comments