විශේෂ මහාධිකරණය හමුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට නඩු පැවරීමේ ඉඩකඩ සොයා බැලේ

14

අලුතින් ස්ථාපිත කෙරෙන ත්‍රිපුද්ගල විශේෂ මහාධීකරණ විනිසුරු මඩුල්ල හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පැවරීමට ඇති ඉඩ කඩ පිළිබඳ අධ්‍යනය කරන බව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයට දන්වා තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
ඉකුත් රජය සමයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට ක්‍රිඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39ක පාඩුවක් රජයට සිදු කිරීමට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අදාළ නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව ලබන සැප්තැම්බර් 4 වනදා යළි කැඳවීමට නියමිත අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙෂ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන් බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහනව් කළේ.

Your Comments