විජයකලාට එරෙහිව ප්‍රංශයේත් විරෝධතා

16

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ඔවුන් මෙම විරෝධතාව සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිසිදු ශ්‍රී ලාංකිකයෙක් බෙදුම්වාදී ත්‍රස්තවාදය යළිත් හිස එසවීම අනුමත නොකරන බව විරෝධතාකරුවන් එහිදි ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම සඳහා අදාළ පිරිස විසින් සකස් කළ සංදේශයක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය වෙත ලබා දී ඇති බව ද සඳහන්.

Your Comments