Home දේශීය පුවත් විග්නේෂ්වරන් ජනපතිට ලියයි

විග්නේෂ්වරන් ජනපතිට ලියයි

10

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

උතුරු – නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට සහ සම්බන්ධීකරණයට පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳවයි එමඟින් ඔහු විසින් අවධානයට ලක් කර ඇත්තේ.

ඊට උතුරු පළාත නියෝජනය කරමින් තමා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා පමණක් නම් කර ඇති බව සඳහන් කරන ඔහු, පළාත් ප්‍රධාන ලේකම්වරයාත් රාජ්‍ය නිලධාරියෙකු බව සඳහන් කර තිබෙනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික සංහිඳියාව සහ සංවර්ධනය අරමුණු කරගෙන පිහිටවනු ලැබූව ද එහි සංයුතියට උතුර පළාත් අමාත්‍යවරුන් හෝ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් නම් කර නොමැති බවයි, ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

Share this Article!

Your Comments