Home දේශීය පුවත් වැල්ලවායේ පාසලකට වනඅලියෙකු කඩා වදී ජයන්ත වීරසේකර - වැල්ලවාය

වැල්ලවායේ පාසලකට වනඅලියෙකු කඩා වදී
ජයන්ත වීරසේකර - වැල්ලවාය

10

වැල්ලවාය, ආනපල්ලම කනිෂ්ඨ විද්‍යාලයට අද උදෑසන වනඅලියෙකු කඩා වැදී තිබෙනවා.
නිව්ස් 24 වාර්තාකාරු සඳහන් කළේ ප්‍රදේශයේ අලිවැට කඩා ඊයේ රාත්‍රි කාලයේ ගම්වැදුනු එම වනඅලියා යළි කැලෑවට යමින් සිටින අතර තුර පාසලට මෙලෙස කඩා වැදී ඇති බවයි.
වනඅලියා විදුහලේ ක්‍රිඩාංගනය වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවෙදී පාසලේ ක්‍රීඩා පුහුණු වීම් වල නිරත වෙමින් ළමයින් කිහිප දෙනෙකු සිට ඇති බව සඳහන්.
පසුව වැල්ලවාය වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනඅලියා කැලෑවට එලවා දැමීමට කටයුතු කර තිබෙනවා.

Your Comments