වාස් ගුණවර්ධනගේ අභියාචනයට දින නියම වෙයි

18

මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
එම අභියාචනා පෙත්සම් අද අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරුවරු තීන්දු කළේ අදාළ පෙත්සම් ජනවාරි මස 29 වන දා සිට  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමටයි.
කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට වැරදිකරුවකු වීමෙන් අනතුරුවයි ඔහු ඇතුළු සැකකරුවන්ට මරණීය දණ්ඩනය හිමි වුණේ.

 

Your Comments