වව්නියාවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

8

වවුනියාව, මඩුකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ වැසි සහිත අවස්ථාවකදී මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථයේ ගැටී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
ත්‍රීරෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

Your Comments