වර්ජනය හේතුවෙන් ගොඩගැසුණු ලිපි බෙදා හැරීම ඇරඹේ

7

සිය වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබූ ලිපි බෙදාහැරීමේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඒ අනුව ගොඩ ගැසී ඇති ලිපි ලක්‍ෂ 15 ක පමණ ප්‍රමාණයක් බෙදාහැරීමේ කටයුතු අද සහ හෙට යන දෙදින තුළ දී සිදු කරන බවයි.

වැඩවර්ජනය අවසන් කළ ද සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදෙන තෙක් අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද හෙතෙම කියා සිටියා.

Your Comments