වධක තනතුරට වැටුපකින් තොරව කාන්තාවක් සුදානමින්

37

එල්ලු‍ම්ගහ ක්‍රියාත්මක කරන්නේ නම් වධක තනතුර සඳහා වැටුපකින් තොරව ඉදිරිපත් වන බවට කාන්තාවක් ප්‍රකාශ කර තිබෙනවා.

හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඒ සඳහා ඉදිරිපත් වී ඇති බව සඳහන්.

මේ අතර, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූවන්ට මරණ දණ්ඩනය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වධක තනතුර සඳහා ඉල්ලු‍ම්පත් කැදවීම ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය මේ බව කියා සිටියේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.

එහි සඳහන් වන්නේ ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් ද යොමු කළ බවයි.

Your Comments