වතු කම්කරුවන් වෙනුවෙන් හැටන් ගුරුවරුන් විරෝධතාවයක

10

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් හැටන් කොටගල ගුරු විද්‍යාලයේ ගුරු අභ්‍යාසලාභි ගුරුවරුන් අද උදැසන උද්ඝෝෂණයක නිරත වුණා.
හැටන්-නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ එම ගුරු විදුහලට පිවිසුම් මාර්ගය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය සිදු කළ බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
උද්ඝෝෂණයේ නියැලි සිටි අභ්‍යාසලාභී ගුරුවරුන් අවධාරණය කර සිටියේ, දැනට රටේ පවතින ජිවන වියදම අනුව අඩුම වැටුපකට වැඩ කරන ශ්‍රමිකයන් සිටින්නේ වතුකරයේ බවයි.
එබැවින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දැමිමට රජය මැදිහත් විය යුතු බවද ඔවුන් කියා සිටියා.

Your Comments